එය ඒ ආකාරයෙන්ම සිදුවිය. ගුරු මහා දසාවේ රාහු අතුරු දසා කාලයේදී 1997 මැයි 12 දින ලොරියකට යටවී හිස පොඩිවීම නිසා ජන්මිය එම ස්ථානයේදීම මරණයට පත්විය.
ජෝතිෂය ශිල්පය වසර දහස් ගණනකට පෙර සිට පැවත එන උතුම් දැනුම් සම්භාරයකි. කෙසේ වෙතත් එහි නිවැරදි තාවය එදා සිට ටිකෙන් ටික අඩු වෙමින් පවතී. ඊට හේතු ගණනාවක් ඇත. විශේෂයෙන් කාලය සමග ග්රහයින්ගේ පිහිටීම් වෙනස් වීම,ඒවායේ ගමන් වේගය වෙනස් වීම,දෛවඥයින් විසින් නිසිලෙස කේන්ද්‍ර සටහන් පරික්ෂා කිරීමෙන් තොරව මත පල කිරීම ආදිය සඳහන් කල හැක. එම නිසා මෙම අඩවිය මගින් ඉහත සඳහන් ගැටළු අවමකර වඩා නිවැරදි ආකාරයට අනාවැකි පලකිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.
Sunday, July 27, 2014
මරණය සිදුවන කාලය සහ සිදුවන ආකාරය පෙන්වන එක් කේන්ද්‍රයක්.
1990.03.16 දවල් 12.25 ට තනමල්විලදී උපන් මොහු මිතුන රාශියේ රාහුගේ නැකතක රාහුගේ උපස්ථානයක ස්ථාන ගතවී ඇත. උප අධිපති රාහු 8 වන්නේ සිටි. 8 කෙනෙකුගේ ආයුෂ තීරණය කරන ස්ථානයයි. රාහු දෙවන්නටද නිවෙදකයෙක් වී ඇත. ඒ අනුව අල්පායුෂ යෝගය බලවත්ව පිහිටා ඇත. උපන් දිනට අවු 9 මාස 5 දින 10 ක් ගුරු මහදශාව පවතී. ගුරු රාහුගේ නැකතක රාහුගේ ම උපස්ථානයේ තැන්පත්ව ලග්නයේ සිටී.ගුරු මිතුනට සතුරුය. ගුරු විසින් දෙන ප්‍රතිපලය මුළුමනින්ම රාහුට සමාන වනු ඇත. රාහුගේ මුලික ස්වභාවය විනාශ කිරීමයි. ඒ අනුව හානිය විය යුත්තේ ගුරු සිටින ස්තානයටයි. ගුරු ලග්න භාවයේ සිටී. ලග්නයෙන් ශරීරයේ හිස නියෝජනය කරයි. ඒ අනුව හානිය සිදුවිය යුත්තේ හිසටය.
එය ඒ ආකාරයෙන්ම සිදුවිය. ගුරු මහා දසාවේ රාහු අතුරු දසා කාලයේදී 1997 මැයි 12 දින ලොරියකට යටවී හිස පොඩිවීම නිසා ජන්මිය එම ස්ථානයේදීම මරණයට පත්විය.
එය ඒ ආකාරයෙන්ම සිදුවිය. ගුරු මහා දසාවේ රාහු අතුරු දසා කාලයේදී 1997 මැයි 12 දින ලොරියකට යටවී හිස පොඩිවීම නිසා ජන්මිය එම ස්ථානයේදීම මරණයට පත්විය.
Labels:
අත්දැකීම්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් අපවෙත යොමුකරන්න. අපගේ අරමුණ සාර්ථක කරගැනීමට එය මහත් පිටුවහලක් වනු ඇත.