අස්විද නැකත.
මේෂ රාශියේ 0 0
සිට 13.20 0 දක්වා පිහිටන්නේ
අස්විද නැකතයි. මේෂ රාශියේ අධිපති කුජ වන
අතර අස්විද නැකතට අධිපති ග්‍රහයා කේතුය. එම නිසා මෙම කලාපයේ පහත
ලක්ෂණ පොදුවේ පෙන්නුම් කරයි.
ශරීරයේ හිස සහ මස්තිෂ්ක
ප්‍රදේශය නියෝජනය කරයි.
රෝග:
හිසේ තුවාල , මොළය ආශිත
අසනීප, කලාන්තය, ගැස්ම, අධික හිසරදය , අංශභාග තත්වයන්,නින්ද නොයාම යනාදී තත්වයන්.
ගතිගුණ.
තෘෂ්නාධිකය, ප්‍රමාණය
ඉක්මවා කටයුතු කරයි.ඉඩම් පිලිබඳ ආසාව, සහෝදරයන්ට අසනීප, සහෝදරයන් සමග ගැටුම්,
ගුප්තශාස්ත්‍රයට ඇති ආසාව
මොවුන් ප්‍රිය මනාප පෙනුමකින්
යුක්තය, බුද්ධිමත්ය, දක්ෂය.
රැකියා ක්ෂේත්‍රයන්
කර්මාන්තශාලාවල, පොලීසිය,හමුදාව,වෛද්‍ය,ශල්‍ය වෛද්‍ය,
නීති ක්ෂේස්ත්‍රය, තාක්ෂණික වෘත්තීන් යනාදී අංශයන්හි රැකියාව කරයි.
ජන්මියාට කේතු ශුභ නොවුනහොත් ඇයට දරු උපත් ලබානොදේ.
ගබ්සා ඇතිවීම් සිදුවිය හැකි අතර ශල්‍යකර්ම
මගින් දරු උපත් ලබාගැනීමට උත්සාහ ගනී. එසේ උවද බොහෝ විට වඳ බව ඇතිවිය හැක. කෙසේ
වුවද, ප්‍රබල ශුභ ග්‍රහ දෘෂ්ටි තිබේනම් කේතු මගින් ඇතිවෙන අශුභ බලපෑම් ඉවත්විය
හැක.
අප්‍රේල් 14 සිට අප්‍රේල් 27 දක්වා කාලය තුල රවී මෙම කලාපයෙන්
ගමන් කරයි.
No comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් අපවෙත යොමුකරන්න. අපගේ අරමුණ සාර්ථක කරගැනීමට එය මහත් පිටුවහලක් වනු ඇත.