Sunday, August 3, 2014

කැති නැකත.

කැති නැකත.
1 වන පාදය.( අංශක 26 කළා 40 සිට අංශක 30)
මේෂ රාශියේ අංශක 26 කළා 40 සිට අංශක 30 දක්වා කැති නැකතට අයත් වේ. මේෂ රාශිය කුජ ග්‍රහයා පාලනය කරන අතර කැති නැකත පාලනය කරන්නේ රවි ග්‍රහයා විසිනි.
ශරීරයේ හිස , ඇස,මොළය, පෙනීම කැති නැකතෙන් නියෝජනය කරයි.
රෝග.
තද  උණ, මැලේරියාව, බරවා රෝගය,මහාමාරිය, වසුරිය,මොළේ උණ, තුවාල, කැපුම්, හදිසි අනතුරු, පිපිරීම්, ගිනි අනතුරු
රැකියා ක්ෂේත්‍රයන්
ඉඩම්, ගොඩනැගිලි අත්පත්කර ගැනීම, පිය උරුමයෙන් දේපල හිමිවීම, ආරක්ෂක අංශය, වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය අංශ වල රැකියා හිමිවේ.
කුජ මෙම ප්‍රදේශයේ සිටිනවිට , විශේෂයෙන් අංශක 28 සහ 29 ප්‍රදේශයේ කුජ සිටිනවිට ඔවුන් කිසිවකට බිය නොවේ. තම අරමුණ වෙනුවෙන් දිවි කැපකිරීමට වුවද මොවුන්ට හැකිය.
ජන්මියාට රවි මහා දශාවේ කුජ අතුරු දශාව හෝ කුජ මහා දශාවේ රවි අතුරු දශාව ගත කරනවිට ලැබෙන ප්‍රතිපලයම එම ග්‍රහයින් කැති නැකතේ අංශක 26 කළා 40 සිට අංශක 30 ප්‍රදේශයෙන් ගමන් කරනවිටද ලැබේ. සැම වසරකම මැයි 10 සිට මැයි 13 කාලය තුල රවී ග්‍රහයා මෙම ප්‍රදේශයෙන් ගමන්කරයි.


කැති නැකතේ 2,3,සහ 4 වන පාදයන්.
වෘෂභ රාශියේ අංශක 0 සිට අංශක 10 දක්වා වූ ප්‍රදේශය මෙයට අයත්වේ.වෘෂභ රාශියට අදිපති සිකුරු ග්‍රහයා වන අතර කැති නැකතට අධිපතිවන්නේ රවි ග්‍රහයයි.
ශරීරයේ මුහුණ,බෙල්ල,ස්වරාලය, යටි හනුව මෙම ප්‍රදේශය මගින් නියෝජනය කරයි.
රෝග.
කුරුලෑ,කැපුම්,ඇස් රතුවීම, ඇස් අමාරු,උගුරේ ආසාදන, සෙම් ගෙඩි යනාදී රෝග.
ගතිගුණ
සමාජශීලීය, ආගන්තුක සත්කාරයට  ලැදිය, මිත්‍ර ශීලීය, ත්‍යාග ශීලීය, උද්යෝගිමත්ය, සිත්ගන්නාසුලුය,නිර්මනශීලීය, පලදායි ක්‍රියාවන්හි යෙදේ, ජනප්‍රියත්වයට පත්වේ.ධනවත් වේ. මිල අධික ආභරණ සහ ඇදුම් ලබාගැනීමට ප්‍රිය වේ.
රැකියා ක්ෂේත්‍රයන්

රාජ්‍ය අංශයේ රැකියා,ආරක්ෂක සේවය,විදෙස් සබඳතා මගින් ආදායම් උපයයි. ලබාගත නොහැකි ණය පවා අයකරගනීමේ හැකියාව ඇත.කළා අංශයේ රැකියා,ඡයාරුප ශිල්පය,ඉංජිනේරු අංශය,බදු අයකරන්නන් 

Wednesday, July 30, 2014

බෙරණ නැකත.

බෙරණ නැකත.
මේෂ රාශියේ අංශක 13 යි කළා 20 සිට අංශක 26 කළා 40 දක්වා ප්‍රමාණය බෙරණ නැකතට අයත් වේ. මේෂ රාශිය පාලනය කරනුලබන්නේ කුජ ග්‍රහයා වන අතර බෙරණ නැකත පාලනය කරන්නේ සිකුරු ග්‍රහයයි.
ශරීරයේ හිස මස්තිෂ්ක ප්‍රදේශය හිසට අයත් ඉන්ද්‍රියයන් ඇස මෙම නැකතින් නියෝජනය කරයි.

රෝග.
හිසේ තුවාල, විශේෂයෙන් නළලෙහි තුවාල,ඇස ආශ්‍රිත තුවාල , ඇස සහ මුහුණ ආශිත රෝග , පීනස් රෝගය.

ගතිගුණ.
දුම් බීමට ලැදිය. නිතරම සතුටින් සිටී. අනුරාගීය. තෘෂ්නාධිකය. අදිෂ්ඨාන ශීලීය. සත්‍යවාදීය. දක්ෂය.

රැකියා ක්ෂේත්‍රයන්
සතුටින් මුදල් උපයයි. ක්‍රීඩා, සංගීත, කලාවට සම්බන්ධ වෙළඳ දැන්වීම්, ප්‍රදර්ශන පැවැත්වීම,ස්වර්ණාභරණ අලෙවිය,වාහන, පොහොර අලෙවිය, සිනමාශාලා , සත්ත්ව පාලනය, පශු වෛද්‍ය, හෝටල් ආශිත රැකියා,අපරාධ නීතිඥයින්,ගොඩනැගිලි ඉදිකිරීම්, ඉංජිනේරු, ශල්‍ය වෛද්‍ය, අක්ෂි  වෛද්‍ය ආශිත රැකියාවලින් මුදල් උපයයි.


කුජ දශාවේ සිකුරු අතුරු දශාව වනවිට කුජ සහ සිකුරුගෙන් ලැබෙන බලපෑම වැඩිය.

රාශි සඳහා එක් එක් ග්‍රහයින්ගේ බලපෑම.

බලපෑම වැඩිම අංශකය කොටුව ඇතුලේ දක්වා ඇත.

Sunday, July 27, 2014

මරණය සිදුවන කාලය සහ සිදුවන ආකාරය පෙන්වන එක් කේන්ද්‍රයක්.

1990.03.16 දවල් 12.25 ට තනමල්විලදී උපන් මොහු මිතුන රාශියේ රාහුගේ නැකතක රාහුගේ උපස්ථානයක ස්ථාන ගතවී ඇත. උප අධිපති රාහු 8 වන්නේ සිටි. 8 කෙනෙකුගේ ආයුෂ තීරණය කරන ස්ථානයයි. රාහු දෙවන්නටද නිවෙදකයෙක් වී ඇත. ඒ අනුව අල්පායුෂ යෝගය බලවත්ව පිහිටා ඇත. උපන් දිනට අවු 9 මාස 5 දින 10 ක් ගුරු මහදශාව පවතී. ගුරු රාහුගේ නැකතක රාහුගේ ම උපස්ථානයේ තැන්පත්ව ලග්නයේ සිටී.ගුරු මිතුනට සතුරුය. ගුරු විසින් දෙන ප්‍රතිපලය මුළුමනින්ම රාහුට සමාන වනු ඇත. රාහුගේ මුලික ස්වභාවය විනාශ කිරීමයි. ඒ අනුව හානිය විය යුත්තේ ගුරු සිටින ස්තානයටයි. ගුරු ලග්න භාවයේ සිටී. ලග්නයෙන් ශරීරයේ හිස නියෝජනය කරයි. ඒ අනුව හානිය සිදුවිය යුත්තේ හිසටය.
එය ඒ ආකාරයෙන්ම සිදුවිය. ගුරු මහා දසාවේ රාහු අතුරු දසා කාලයේදී 1997 මැයි 12 දින ලොරියකට යටවී හිස පොඩිවීම නිසා ජන්මිය එම ස්ථානයේදීම මරණයට පත්විය.


Tuesday, July 22, 2014

නැකත් සහ ඒවායේ වැදගත්කම.-අස්විද නැකත.

අස්විද නැකත.
මේෂ රාශියේ 0 0 සිට 13.20 0  දක්වා පිහිටන්නේ අස්විද නැකතයි. මේෂ රාශියේ අධිපති  කුජ වන අතර අස්විද නැකතට අධිපති ග්‍රහයා කේතුය. එම නිසා මෙම කලාපයේ පහත ලක්ෂණ පොදුවේ පෙන්නුම් කරයි.
ශරීරයේ හිස සහ මස්තිෂ්ක ප්‍රදේශය නියෝජනය කරයි.
රෝග:
හිසේ තුවාල , මොළය ආශිත අසනීප, කලාන්තය, ගැස්ම, අධික හිසරදය , අංශභාග තත්වයන්,නින්ද නොයාම යනාදී තත්වයන්.
ගතිගුණ.
තෘෂ්නාධිකය, ප්‍රමාණය ඉක්මවා කටයුතු කරයි.ඉඩම් පිලිබඳ ආසාව, සහෝදරයන්ට අසනීප, සහෝදරයන් සමග ගැටුම්, ගුප්තශාස්ත්‍රයට ඇති ආසාව
මොවුන් ප්‍රිය මනාප පෙනුමකින් යුක්තය, බුද්ධිමත්ය, දක්ෂය.
රැකියා ක්ෂේත්‍රයන්
කර්මාන්තශාලාවල, පොලීසිය,හමුදාව,වෛද්‍ය,ශල්‍ය වෛද්‍ය, නීති ක්ෂේස්ත්‍රය, තාක්ෂණික වෘත්තීන් යනාදී අංශයන්හි රැකියාව කරයි.
ජන්මියාට කේතු ශුභ නොවුනහොත් ඇයට දරු උපත් ලබානොදේ. ගබ්සා ඇතිවීම් සිදුවිය හැකි අතර  ශල්‍යකර්ම මගින් දරු උපත් ලබාගැනීමට උත්සාහ ගනී. එසේ උවද බොහෝ විට වඳ බව ඇතිවිය හැක. කෙසේ වුවද, ප්‍රබල ශුභ ග්‍රහ දෘෂ්ටි තිබේනම් කේතු මගින් ඇතිවෙන අශුභ බලපෑම් ඉවත්විය හැක.

අප්‍රේල් 14 සිට අප්‍රේල් 27 දක්වා කාලය තුල රවී මෙම කලාපයෙන් ගමන් කරයි.

නැකත් පිළිබඳ තොරතුරු..,

හින්දු ජෝතිෂ්‍යට අනුව තාරකා ගෝලය නැවත කොටස් 27 කට බෙදා ඇත. එම එක් කොටසක් අංශක 13 කලා 20 ක ප්‍රමාණයකින් යුක්තය.(අංශක 360/27). මේවා  නැකත් තරු ලෙස හඳුන්වයි. පෘථිවිය වටේට මෙම තාරකා ගමන් කරන අන්දමට මෙම ගණනය කිරීම් කර ඇත.
චන්ද්‍රයා මෙම එක් එක් කොටසෙහි ගමන් කරන විට ඔබට ඇතිවෙන ප්‍රතිපල එකිනෙකට වෙනස්ය. ඔබ උපත ලද අවස්ථාවේදී සඳු ගමන් කළ නැකත ඔබගේ  ජන්ම නැකත ලෙස හැඳින්වේ. ජන්ම නැකත අනුව ඔබගේ චරිත ලක්ෂණ පසු ලිපියකින් ඉදිරිපත් කරමි.
ඉහතින් සඳහන් කල පරිදි ගණනය කරනු ලබන නැකත් 27 සහ ඒවාට අධිපති ග්‍රහයින් පහතින් දැක්වේ.
   
            
              නැකත  අධිපති ග්‍රහයා
අස්විද මා මුල කේතු
බෙරණ පුවපල් පුවසල සිකුරු
කැති උතුරුපල් උතුරුසල රවී
රෙහෙණ හත සුවණ සඳු
මුවසිරස සිත දෙනට කුජ
අද සා සියාවස රාහු
පුනාවස විසා පුවපුටුප ගුරු
පුස අනුර උතුරුපුටුප ශනි
අස්ලිස දෙට රේවතී බුධ







Sunday, July 20, 2014

රාශි පිලිබඳ තොරතුරු

චක්‍රයක් හෙවත් රවුමක් අංශක 360 කි.  අංශක 360 කින් යුත් තාරකා ගෝලය ප්‍රධාන කොටස් 12කට  බෙදා  ඇත. ඒ එක කොටසක් රාශියක් ලෙස හඳුන්වයි. ඒ අනුව රාශි 12 කි. ඒවා පහත පරිදි නම් කර ඇත.

  1. මේෂ-Aries
  2. වෘෂභ-Taurus
  3. මිතුන-Gemini
  4. කටක-Cancer
  5. සිංහ-Leo
  6. කන්‍යා- Virgo
  7. තුලා- Libra
  8. වෘශ්චික- Scorpio
  9. ධනු-Sagittarius
  10. මකර-Capricorn
  11. කුම්භ-Aquarius
  12. මීන-Pisces
රාශිචක්‍රය  කොටස් 12ට වෙන්කලවිට එක රාශියක් සඳහා ලැබෙන්නේ අංශක 30ක දුරකි. ඒ අනුව මේෂ රාශිය සඳහා අංශක 0 සිට අංශක 30 ප්‍රමාණය වෙන්කර ඇත.වෘෂභ රාශියට අංශක 31සිට අංශක 60 දක්වා ප්‍රමාණය වෙන්කර ඇත.එලෙස පිලිවෙලින් එක් එක් රාශි සඳහා රාශිචක්‍රය බෙදී ගොස් අවසාන රාශිය වන මීනයට අංශක 330 සිට අංශක 360 කොටස වෙන්කර ඇත.
ඒ ඒ රාශීන් පිලිබඳ දීර්ඝ විස්තරයක් පසුව ඉදිරිපත් කරමි.