කැති නැකත.
1 වන පාදය.( අංශක 26 කළා 40 සිට
අංශක 30)
මේෂ රාශියේ අංශක 26 කළා
40 සිට අංශක 30 දක්වා කැති නැකතට අයත් වේ. මේෂ රාශිය කුජ ග්‍රහයා පාලනය කරන අතර කැති
නැකත පාලනය කරන්නේ රවි ග්‍රහයා විසිනි.
ශරීරයේ හිස , ඇස,මොළය, පෙනීම
කැති නැකතෙන් නියෝජනය කරයි.
රෝග.
තද උණ, මැලේරියාව, බරවා රෝගය,මහාමාරිය,
වසුරිය,මොළේ උණ, තුවාල, කැපුම්, හදිසි අනතුරු, පිපිරීම්, ගිනි අනතුරු
රැකියා ක්ෂේත්රයන්
ඉඩම්, ගොඩනැගිලි
අත්පත්කර ගැනීම, පිය උරුමයෙන් දේපල හිමිවීම, ආරක්ෂක අංශය, වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය
අංශ වල රැකියා හිමිවේ.
කුජ මෙම ප්‍රදේශයේ
සිටිනවිට , විශේෂයෙන් අංශක 28 සහ 29 ප්‍රදේශයේ කුජ සිටිනවිට ඔවුන් කිසිවකට බිය
නොවේ. තම අරමුණ වෙනුවෙන් දිවි කැපකිරීමට වුවද මොවුන්ට හැකිය.
ජන්මියාට රවි මහා දශාවේ
කුජ අතුරු දශාව හෝ කුජ මහා දශාවේ රවි අතුරු දශාව ගත කරනවිට ලැබෙන ප්‍රතිපලයම එම ග්‍රහයින්
කැති නැකතේ අංශක 26 කළා 40 සිට අංශක 30 ප්‍රදේශයෙන් ගමන් කරනවිටද ලැබේ. සැම වසරකම
මැයි 10 සිට මැයි 13 කාලය තුල රවී ග්‍රහයා මෙම ප්‍රදේශයෙන් ගමන්කරයි.
කැති නැකතේ 2,3,සහ 4 වන
පාදයන්.
වෘෂභ රාශියේ අංශක 0 සිට අංශක 10 දක්වා වූ ප්‍රදේශය මෙයට
අයත්වේ.වෘෂභ රාශියට අදිපති සිකුරු ග්‍රහයා වන අතර කැති නැකතට අධිපතිවන්නේ රවි ග්‍රහයයි.
ශරීරයේ මුහුණ,බෙල්ල,ස්වරාලය, යටි හනුව මෙම ප්‍රදේශය
මගින් නියෝජනය කරයි.
රෝග.
කුරුලෑ,කැපුම්,ඇස් රතුවීම, ඇස් අමාරු,උගුරේ ආසාදන, සෙම්
ගෙඩි යනාදී රෝග.
ගතිගුණ
සමාජශීලීය, ආගන්තුක සත්කාරයට ලැදිය, මිත්‍ර ශීලීය, ත්‍යාග ශීලීය,
උද්යෝගිමත්ය, සිත්ගන්නාසුලුය,නිර්මනශීලීය, පලදායි ක්‍රියාවන්හි යෙදේ, ජනප්‍රියත්වයට
පත්වේ.ධනවත් වේ. මිල අධික ආභරණ සහ ඇදුම් ලබාගැනීමට ප්‍රිය වේ.
රැකියා ක්ෂේත්රයන්
රාජ්‍ය අංශයේ රැකියා,ආරක්ෂක සේවය,විදෙස් සබඳතා මගින්
ආදායම් උපයයි. ලබාගත නොහැකි ණය පවා අයකරගනීමේ හැකියාව ඇත.කළා අංශයේ රැකියා,ඡයාරුප
ශිල්පය,ඉංජිනේරු අංශය,බදු අයකරන්නන්


