චක්‍රයක් හෙවත් රවුමක් අංශක 360 කි. අංශක 360 කින් යුත් තාරකා ගෝලය ප්‍රධාන කොටස් 12කට බෙදා ඇත. ඒ එක කොටසක් රාශියක් ලෙස හඳුන්වයි. ඒ අනුව රාශි 12 කි. ඒවා පහත පරිදි නම් කර ඇත.
- මේෂ-Aries
- වෘෂභ-Taurus
- මිතුන-Gemini
- කටක-Cancer
- සිංහ-Leo
- කන්‍යා- Virgo
- තුලා- Libra
- වෘශ්චික- Scorpio
- ධනු-Sagittarius
- මකර-Capricorn
- කුම්භ-Aquarius
- මීන-Pisces
රාශිචක්‍රය කොටස් 12ට වෙන්කලවිට එක රාශියක් සඳහා ලැබෙන්නේ අංශක 30ක දුරකි. ඒ අනුව මේෂ රාශිය සඳහා අංශක 0 සිට අංශක 30 ප්‍රමාණය වෙන්කර ඇත.වෘෂභ රාශියට අංශක 31සිට අංශක 60 දක්වා ප්‍රමාණය වෙන්කර ඇත.එලෙස පිලිවෙලින් එක් එක් රාශි සඳහා රාශිචක්‍රය බෙදී ගොස් අවසාන රාශිය වන මීනයට අංශක 330 සිට අංශක 360 කොටස වෙන්කර ඇත.
ඒ ඒ රාශීන් පිලිබඳ දීර්ඝ විස්තරයක් පසුව ඉදිරිපත් කරමි.
No comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් අපවෙත යොමුකරන්න. අපගේ අරමුණ සාර්ථක කරගැනීමට එය මහත් පිටුවහලක් වනු ඇත.